රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා අලුතින් 5432ක් බඳවා ගැනේ

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා අලුතින් 5432ක් මැයි 15දා වන විට බඳවා ගැනීමට කටයුතු කරන බවයි.
ඒ අනුව සීමිත අංශයෙන් මෙම සේවාව සඳහා නිලධාරීන් 1377ක් ද, විවෘත අංශයෙන් 4055ක් ද බඳවාගැනීමට නියමිතව ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් 31දා වන විට රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු 6139ක් ද පැවතිණි.
Exit mobile version