Home දේශීය පුවත් මැලේරියාව මර්දන කිරීමට අවශ්‍ය සෑම පියවරක් ම ගන්නවා – සෞඛ්‍ය අැමති

මැලේරියාව මර්දන කිරීමට අවශ්‍ය සෑම පියවරක් ම ගන්නවා – සෞඛ්‍ය අැමති

0
මැලේරියාව මර්දන කිරීමට අවශ්‍ය සෑම පියවරක් ම ගන්නවා – සෞඛ්‍ය අැමති

අදට (25) යෙදී තිබෙන ලෝක මැලේරියා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ,

ශ්‍රී ලාංකිකයින් විවිධ හේතූන් සඳහා විදේශ සංචාරවල යෙදීමත් වැඩි වශයෙන් විදේශ සංචාරකයින් ශ්‍රීලංකාවට පැමිණීමත් ඔවුන් අතරින් මැලේරියා රෝගය නැවත ලංකාවට පැමිණීමටත් එමඟින් වසංගත තත්ත්වයක් ඇති වීමටත් ඇති ඉඩ කඩ ක්‍රමාණුකූලව වැඩි වෙමින් පවතින නිසා මෙවැනි තත්ත්වයක් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය ගත යුතු සියලු පියවර ගන්නා බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව සෑම විනාඩි දෙකටම ලෝකයේ අවුරුදු 05ට අඩු දරුවෙකු මැලේරියාව නිසා ජීවිතක්ෂයට පත් වේ. ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපවීම සහ අප්‍රතිහත ධෛර්ය හේතු කොට ගෙන අද වනවිට මෙම රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකිව තිබේ.

මෙම රෝගය මෙරටින් තුරන් කළ ද රෝග පතුරුවන වාහක මදුරුවන් මෙරටින් තුරන් කර නැත. මේ තත්ත්වය සංකූල කරමින් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ ආගන්තුක වාහක මදුරුවෙකු හමු වී ඇත.

මේ හේතුකොට ගෙන යම් ආකාරයකින් නැවත ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාවේ අතීතයේ පැවැති මැලේරියාව පිළිබඳ අප දුටු දේ උඩු යටිකුරු විය හැකිය. එහෙයින් මැලේරියා මර්දනය සඳහා ජනතාවගේ සහයෝගය ලබාගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බවද අමාත්‍යවරයා පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version