යුරෝපයේ ගුවන්තොටුපළ ආශ්‍රිත වායු දුෂණය ඉහළට

යුරෝපයේ ගුවන් තොටුපළ ආශ්‍රිත වායු දූෂණය මිලියන 52කගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලි වී තිබෙනවා.

ගුවන් යානාවලට භාවිතා කරන ඉන්ධන දහනයේදී නිකුත් වන ක්ෂුද්‍ර අංශු වායු ගෝලයට එක්වීම තුළින් මිනිස් සෞඛ්‍යයට දැඩි අවදානමක් ඇති විය හැකි බවයි එම සමීක්ෂණයෙන් හෙලි වී ඇත්තේ.

මෙම අංශු මිනිස් හිසකෙසකට වඩා දහස් ගුණයකින් කුඩාවන අල්ට්‍රාෆයින් අංශු ලෙස හැඳින්වෙනවා.

ගුවන්යානා ගුවන්ගත වීමේදී හා ගොඩබෑමේදී මෙම අංශු වායු ගෝලයට එක්වන බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

යුරෝපයේ කාරයබහුලම ගුවන් තොටුපළ 32ක් අවට වායු ගෝලයේ අදාළ අංශු අන්තර්ගත බවද සොයාගෙන ඇති අතර ගුවන් තොටුපලේ සිට කිලෝමීටර් 20ක වපසරියක එම අංශු පැතිරී ඇති බවද සමීක්ෂණයෙන් හෙලි වී තිබෙනවා.

Exit mobile version