මාරක රිය අනතුරකින් තරුණයෙක් මරුට

ඔක්කම්පිටිය දෙස සිට බෝගස් හන්දිය දෙසට ධාවනය කල යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු සහ පසු පැදිකරු මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 26ක් වන වැව පෙදෙස, ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Exit mobile version