Home දේශීය පුවත් ”වයඹ රණ අභිමන්” රණවිරු ස්මාරකය ජනපති අතින් විවෘත කෙරේ

”වයඹ රණ අභිමන්” රණවිරු ස්මාරකය ජනපති අතින් විවෘත කෙරේ

0
”වයඹ රණ අභිමන්” රණවිරු ස්මාරකය ජනපති අතින් විවෘත කෙරේ
කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණය අසළ ඉදිකෙරුණු ”වයඹ රණ අභිමන්” රණවිරු ස්මාරකය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කරමින් ප්‍රථමයෙන් ගරු ජනාධිපතිතුමා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
අනතුරුව පැමිණ සිටි ආරාධිතයින් සහ රණවිරු පවුල් වල ඥාතීන් ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.
වයඹ පළාත් සමූපකාරිකයින් විසින් රණවිරු සුබසාධන අරමුදල හරහා ස්මාරකයේ ඉදිකිරීම් වෙනුවෙන් පිරිනමන ලද මුල්‍ය ප්‍රදානයට අදාළ චෙක්පත පළාත් සමූපකාර අමාත්‍ය පියසිරි රාමනායක මහතා විසින් ගරු ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version