දුම්රියේ ගැටීම නිසා මේ වසරේ ගතවූ දින කිහිපය තුළදී පුද්ගලයන් 172ක් මරුට

දුම්රියේ ගැටීම නිසා මේ වසරේ ගතවූ දින කිහිපය තුළදී පුද්ගලයන් 172 දෙනෙකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසරේ පළමු මාස තුන තුළදී පමණක් පුද්ගලයන් 169 දෙනෙකු මියගොස් තිබේ.

පසුගිය වසරේදී දුම්රිය අනතුරු නිසා පුද්ගලයන් 540ක් මරණයට පත් වී තිබේ.

මේ වසරේ වැඩිම පිරිසක් මියගොස් තිබෙන්නේ දුම්රිය ධාවනය වෙමින් පවතින අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ගවලින් රථවාහන ධාවනය කිරීමට යෑමේදී බවයි වාර්තා වන්නේ.

 

Exit mobile version