ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියට මුල්ගල තැබීම 23 වැනි දා

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් යෝජිත ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියට මැයි 23 වැනි දා මුල්ගල් තැබීමට නියමිතයි.

පුත්තලම, ආණමඩුව, ගල්ගමුව, නවගත්තේගම, මූන්දලම සහ මහ කුඔුක්කඩවල, ප්‍රදේශවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 125ක ජීවත් වන 81 දහසකටත් අධික ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට හැකිවේ.

ස්පාඤ්ඤ රජයේ රුපියල් මිලියන 6683ක් සහ ශ්‍රී ලංකා රජයේ ආධාරයෙන් රුපියල් මිලියන 1942ක් ද මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇත.

Exit mobile version