Home දේශීය පුවත් මේ වසරේ යල කන්නයේ දී ලොකු ලූණු වගා කරන ගොවීන්ට සහන රැසක්

මේ වසරේ යල කන්නයේ දී ලොකු ලූණු වගා කරන ගොවීන්ට සහන රැසක්

0
මේ වසරේ යල කන්නයේ දී ලොකු ලූණු වගා කරන ගොවීන්ට සහන රැසක්

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවත්විණි. ඒ සාකච්ඡාවෙදී ඔවුන්ට උපදෙස් දෙන ලද්දේ දේශීය අර්තාපල් හා ලූණු වගාකරුවන් ආරක්ෂා කිරීමට අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවයි.

2018 වර්ෂයේ යල කන්නයේ දී ලොකු ලූණු වගා කරන ගොවීන්ට සහන රැසක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව මෙවර යල කන්නයේ දී ලූණු වගාකරන ගොවීන්ගෙන් බීජ ලූණු මිල දී ගැනීම සඳහා රු. මි. 47.3 ක් වෙන්කර ඇත.

එමෙන්ම ලොකු ලූණු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට බීජ සහනාධාරය වශයෙන් රු. 9,000 ක මුදලකුත්, රු. 40,000 ක මුදලක් අක්කරයක් සඳහා වන රක්ෂණාවරණ වශයෙනුත්, පොහොර සහනාධාරයත් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

එමෙන්ම ලොකු ලූණු කිලෝ ග්‍රෑම් 01 කට රු. 80 ක් වන සහතික මිලක් ද ලබාදීමට කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version