දුම්වැටි තොගයක් සමග චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අැත.

මෙම චීන ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු 20 හැවිරිදි තරුණියකි. අනෙක් චීන ජාතිකයා 23 හැවිරිදි තරුණයෙකි.

මොවුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක, ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ චීන ව්‍යපෘතියක සේවය කරන්නන් බව රේගුව පවත්වන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන තිබේ.

Exit mobile version