අලුතින් සකස් කරන ලද කොළඔ නගරයේ නව සිතියම අද එළි දැක්වේ

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අලුතින් සකස් කරන ලද කොළඔ නගරයේ සිතියම, නාරාහේපිට මිනින්දොරු දෙපාර්තමේන්තුවේ දී අද (31) පැවැති උත්සවයක දි මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා විසින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත භාරදෙනු ලැබීය.

කොළඔ වරාය නගරය හා අධිවේගී මාර්ගය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු අඩංගු මෙම සිතියම අනුව කොළඔ නගරයේ සිතියම හෙක්ටයාර් 474.5කින් වැඩි වී ඇතැයි මිනුම්පති ජනරාල් පී. එම් .පී උදයකාන්ත මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ නව සිතියම සකස් කිරීම 2015දී ආරම්භ කළ අතර එහි කොටස් 92න් 72ක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත. තවත් කොටස් 20ක දැන් නිම කෙරෙමින් පවතින අතර මේ වසර අග භාගයේදී සම්පූර්ණ සිතියම නිකුත් කළ හැකි වනු ඇතැයිද ඒ මහතා කීය.

 

Exit mobile version