“සත්‍යය” එළිදැක්වෙයි

එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කළ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, මූලිකත්වයෙන් ක්‍රියාත්මක එක්සත් ජාතික පක්ෂ මූලස්ථනයේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු ඊයේ (4) ආරම්භ විය.

එම අවස්ථාවට එජාප මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකයේ ප්‍රධානී, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා “සත්‍යය” වැඩසටහනේ පිටපතක් ජනමාධ්‍ය සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා වෙත පිරිනැමීය.

Exit mobile version