ඉන්ෆ්ලුවෙන්සා වෛරසය, ඇඹිලිපිටියේ ව්‍යාප්ත වීම වැළැක්වීමට පියවර

ඉන්ෆ්ලුවෙන්සා වෛරස තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට මෙන් ම මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය එන්නත් ඇතුළු ඖෂධ ඇඹිලිපිටිය රෝහල ඇතුළු අනෙකුත් රෝහල් වෙත කඩිනමින් ලබාදෙන ලෙස පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ට තමා උපදෙස් ලබාදී ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළාය.
ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදී ඇතැයි සැක කෙරෙන 30 දෙනෙකු පමණ ඇඹිලිපිටිය රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ යැයි ද ඊට අමතර ව තවත් රෝගීන් පිරිසක් එම රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එච්.එස්. ධර්මතිලක මහතා ආණ්ඩුකාරවරියට සඳහන් කළේය.
Exit mobile version