ගලේවෙල රිය අනතුරකින් සිව් දෙනෙකුට බරපතළ තුවාල

ගලේවෙල, පහළවෙලදී වූ ඉන්ධන බවුසරයක් යතුරු පැදියක ගැටී පසුව බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පා‌ෙලිසිය සඳහන් කළේය.

අනතුරින් බස්රථයේ පා පුවරුවේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙක්, බවුසරයේ රියැදුරු සහ යතුරු පැදියේ සිටි කාන්තාවක් තුවාල ලබා ඇත.

අනතුර සිදුව අැත්තේ, බවුසරයේ රියැදුරට එහි වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් බව ද සදහන් ව‌ෙයි.

Exit mobile version