කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ගුවනින් කොළඹට රැගෙන එයි

වෙඩි ප්‍රහාරයට ලක්ව හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ගුවනින් කොළඹට රැගෙන ඒමට තීරණය කර ඇත.

පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට අද අලුයම හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සැත්කමකට ලක් කළේය.

නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, කිරිවෙහෙර උඩ මළුවේ සිට පහත මළුවට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඊයේ(12) රාත්‍රියේදීය.

Exit mobile version