තැපැල් වර්ජනය නිසා ලිපි ලක්ෂ ගණනක් මධ්‍යම හුවමාරුවේ ගොඩ ගැ‌සෙයි

සිය වර්ජනයෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ පිට පළාත් තැපැල් ස්ථානවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව තැපැල් අමාත්‍යංශය පවසයි.

තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් පැවසුවේ, ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන අයුරින් මෙම ගැටලුව අද දිනයේ විසඳීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවක ගැටලු විසඳීමේ අරමුණින් අද දිනයේ සාකච්ඡාවක් කැඳවා ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න පවසයි.

Exit mobile version