“සෙත්පුරගම” උදා ගම්මානය ජනතා අයිතියට

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියඹලාගස්විල උතුර ඉදිකළ “සෙත්පුරගම” 80 වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ ඊයේ (17) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
නිවාස 18කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල් රුපියල් ලක්ෂ 165කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙය සමන්විතය.
Exit mobile version