Home දේශීය පුවත් අද සිට දිවයිනේ පළාත් කිහිපයකට තද සුළං

අද සිට දිවයිනේ පළාත් කිහිපයකට තද සුළං

0
අද සිට දිවයිනේ පළාත් කිහිපයකට තද සුළං

අද (19දා) සිට දිවයිනේ උතුර, උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට හමන තරමක තද සුළං (පැකිමි 40-50) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු ස්වභාවයක් ගන්නා අතර ධීවර කටයුතුවල නිරත ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද එම දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version