අද (07) පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා පැය 09ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ 05 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවිමට නියමිතය.
මීට අමතරව කොළඹ 04, 06, 07, 08 යන ප්‍රදේශවලට ද මහරගම සහ බොරැලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට ද අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.