Home දේශීය පුවත් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන් 32කට සහකාර අධ්‍යක්ෂ තනතුරු

ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන් 32කට සහකාර අධ්‍යක්ෂ තනතුරු

0
ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන් 32කට සහකාර අධ්‍යක්ෂ තනතුරු

මධ්‍යම පරිසර අධිකාරියේ වසර 37 ක කාලය තුළ එක්වර සහකාර අධ්‍යක්ෂ තනතුර සඳහා නිලධාරීන් 32 දෙදෙනෙකුට උසස්වීම් ප්‍රදානය කිරීම සිදු විය.

පරිසර නිලධාරීන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ මුල් පත්වීම් ලැබූ මෙරට විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් උපාධිධාරීන්ගේ ඊළඟ උසස්වීම වනුයේ, ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී තනතුරයි. එම තනතුරේ වසර 05ක සේවා කාළය සම්පූර්ණ කිරීමෙන් පසුව වන ඊළග උස්සවීම වනුයේ සහකාර අධ්‍යක්ෂ තනතුරයි. මධ්‍යම පරිසර අධිකාරියේ වසර 37 ක කාලය තුළ එක්වර මෙලෙස සහකාර අධ්‍යක්ෂ තනතුර සඳහා නිලධාරීන් 32 දෙදෙනෙකුට එකවර උසස්වීම් ප්‍රදානය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

ප්‍රධාන කාර්යාලයේ මෙන්ම පළාත් කාර්යාලයන්ට අනුයුක්තව සේවය කරමින් තරග විභාගය සමත් වී සම්මුඛ පරික්ෂණයකට ද මුහුණ දී පසුගිය ජුලි මස 02 දා පත්වීම් ලැබූ නිලධාරීන්පුරප්පාඩු පවතින කාර්යාල අනුව අනුයුක්ත කිරීම සිදුවිය. පරිසර විෂය පිළිබඳව ගෝලීය මට්ටමින් විශේෂ අවධානයක් යොමු වී ඇති කාලවකවාණුවක මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය ද ක්‍රමයෙන් පුළුල් වී ඇත. විද්‍යා විෂය ධාරාවේ මෙන්ම සමාජයීය විද්‍යා විෂය ධාරාවේ පරිසරයට අදාළ විෂයයන්ගෙන් උපාධි ලැබූ නිලධාරීන් මධ්‍යම පරිසර අධිකාරිය සඳහා බඳවා ගැනීම සිදුවේ.

ජාතික පාරිසරික පනතේ නෛතික ප්‍රතිපාදනයන්ට අනුව පරිසර සංරක්ෂණය හා කළමනාකරණය, පරිසර දූෂණ පාලනය කිරීම මෙන්ම පරිසර අධ්‍යාපනය තුළින් පරිසර හිතකාමී දැනුම්වත් සමාජයක් රට තුළ නිර්මාණය කිරීම යන අභිමතාර්ථ වෙනුවෙන් ආයතනය කැපවී සිටී. මීට සමගාමීව පවතින සමකාලීන ලෝක ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් එම ඉලක්ක ජයග්‍රහණය කරලීම වෙනුවෙන් ද සිය දායකත්වය දැක්වීමට මධ්‍යම පරිසර අධිකාරියේ වත්මන් නිලධාරීන්ට සිදුව ඇත.

පරිසර අමාත්‍යතුමන් ලෙසින් අතිගරු ජනාධිපතිතුමන් විසින් පුළුල් දැක්මක් යටතේ මෙරට පරිසරයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් පෙළගැස්වා ඇති යුගයක, ඒ වෙනුවෙන් ද ක්‍රියාකාරී වැඩකොටසක් කිරීමේ කාලීන සමාජ අවශ්‍යතාව ප්‍රමුඛත්වයට පත්ව ඇත. මෙවන් පසුබිමක සහකාර අධ්‍යක්ෂවරුන් ලෙසින් උසස්වීම් ලැබූ සියළු දෙනාටම සුවිශේෂී වගකීමක් පවතින බවත්, තත්කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට සහයෝගය ලබාදෙමින් පරිසරයත් සුරකිමින් රටේ ජාතික අවශ්‍යතාවන් වෙනුවෙන් සිය තනතුරෙහි වගකීම ඉටු කරන මෙන් පත්වීම් ප්‍රදාන උත්සවයේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඉල්ලීමක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version