Home දේශීය පුවත් ඩොල්ෆින් මසුන් ධීවර පන්නවලට හසුවීම නොවැළැක්වූවහොත් ඉදිරියේ දී අවදානමක්

ඩොල්ෆින් මසුන් ධීවර පන්නවලට හසුවීම නොවැළැක්වූවහොත් ඉදිරියේ දී අවදානමක්

0
ඩොල්ෆින් මසුන් ධීවර පන්නවලට හසුවීම නොවැළැක්වූවහොත් ඉදිරියේ දී අවදානමක්

දැනට ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය සම්පත නෙලා ගැනීම සඳහා බහුදින ධීවර යාත්‍රා විසින් භාවිතා කරන මරුවැල් හෙවත් Long Line නැමැති ධීවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට මෙරට ධීවර ප්‍රජාව විසින් පියවර නොගතහොත් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන මසුන් සඳහා එරට බලධාරින් විසින් තහනමක් පැනවීමේ අවදානමක් මතු වී තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

එබැවින් මේ සම්බන්ධයෙන් වහාම සියලු දෙනා අවධානය යොමු කර ඩොල්ෆින් මසුන් ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ නිලධාරින්හට පසුගියදා දැනුම් දුන්නේය.

ධීවර අමාත්‍යංශයේදී පැවති උපදේශක සභාව අමතමින් ඇමතිවරයා කියා සිටියේ මරුවැල්වල යොදා තිබෙන ඇම ආහාරයට ගැනීම සඳහා පැමිණෙන ඩොල්ෆින් මසුන් එම බිලී කොකුවලට හසුව මිය යන බවයි. එම නිසා මරුවැල් පන්න ක්‍රමයේදි යොදා ගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ශණය වීම වැළැක්විමේ නව උපාංගයක් මේ වන විට ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේදී භාවිතා කෙරෙන අතර එම උපාංගය වහාම මෙරටට ගෙන්වා ඒවා ධීවරයින් හට නොමිලේ ලබා දීමට ලබන වසරේදී පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය.

ධීවර ප්‍රජාව විසින් ඩොල්ෆින් මසුන් හසුවිම වැළැක්වීමට අවශ්‍ය පියවර නොගතහොත් ශ්‍රි ලංකාවේ මත්ස්‍ය සම්පත සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වෙළඳපොල අපට අහිමි වීමට ඉඩ ඇති අතර එම නිසා මේ සම්බන්ධයෙන් ඉහත දැක් වු උපාංග මිලදී ගෙන බෙදා හරින ලෙස අමාත්‍යංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මියට අමාත්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබිය.

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version