Home දේශීය පුවත් සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවර අද යාපනයෙන් ඇරඹේ

සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවර අද යාපනයෙන් ඇරඹේ

0
සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවර අද යාපනයෙන් ඇරඹේ
සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවරේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ.
දෙවන පියවර ආරම්භ කිරීම සඳහා ඉන්දීය රජය මගින් ඇමෙරිකන් ඩොලර් මිලියන 15.02ක් ලබාදී ඇති අතර ඒ යටතේ නව ගිලන් රථ ඒකක 209කට අධික ප්‍රමාණයක් යෙදවීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 1782ක් පමණ පුහුණුකර සේවයේ යෙදවීමට ද සැලසුම් කොට තිබේ.
1990 අංකයට ලැබෙන දුරකථන ඇමැතුමක් මත ක්‍රියාත්මක වන මෙම සේවාව හොඳින් පුහුණු වූ වෛද්‍ය තාක්ෂණික නිලධාරියෙකු සහිත ගිලන් රථයක් මගින් ලඟම රෝහල වෙත රෝගියා ප්‍රවාහනය කරන අනරතුර පූර්ව රෝහල් සත්කාර ද සිදු කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version