Home දේශීය පුවත් මන්මුණෙයි පත්තු සහ එරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරීම අද

මන්මුණෙයි පත්තු සහ එරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරීම අද

0
මන්මුණෙයි පත්තු සහ එරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරීම අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මන්මුණෙයි පත්තු සහ එරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් අද (29) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ගොඩනැගිලි ඉදි කර ඇත.

ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රාශියක් ගෙන ඇති අතර ඒ අනුව මන්මුණෙයි පත්තු සහ එරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 679 කි.

මෙම ගොඩනැගිලිවල විශේෂත්වයක් වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකිරීමයි.

එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මෙම ගොඩනැගිලි සඳහා ඉදිකර ඇති අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version