ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරඟය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5 කින් යුත් එක්දින තරගාවලිය අද (29) දඹුල්ලේදී ආරම්භ වෙයි.

මෙම තරඟය අද පැවැත්වෙන්නේ දිවා තරඟයක් ලෙසටයි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟයට අවතීර්ණ වෙයි.‍

මේ වන විට තරඟය ආරම්භ වී ඇති අතර කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තිරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින් තිදෙනෙකු දැවී ලකුණු 23ක් රැස් කර ගෙන සිටියි.

Exit mobile version