හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පවරාදීම ද ඊයේ (01) ජනාධිපතිතුමා අතින් සිදුවිය.
රුපියල් මිලියන 7. 1 ක වියදමින් ඉදිකෙරුණු වකුගඩු රෝග ප්‍රතිකාර හා සායන ගොඩනැගිල්ල, රුපියල් මිලියන 36 ක වියදමින් ඉදිකෙරුණු විකිරණ හා සංඛ්‍යා ලේඛණ ඒකක ගොඩනැගිල්ල, රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකෙරුණු දන්ත සායනය හා ශෛල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කිරීම සහ රුපියල් මිලියන 104 ක වියදමින් ඉදිකළ වෛද්‍ය නිලධාරි නිවාස සංකීර්ණය විවෘත කිරීම ඒ අනුව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.