සෞදි අරාබිය, කැනඩාව සමඟ සියලූ රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබදතා අත්හිටුවයි

කැනඩාව සමඟ සියලූ රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබදතා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර ඇතැයි විදසේ වාර්තා පවසයි.

දැනට එරට අත්අඩංගුවේ සිටින සිවිල් සමාජීය හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කැනේඩියානු පුරවැසිභාවය හිමි සමර් බඩාවි ඇතුළු ක්‍රියාකාරීන් නිදහස් කරන මෙන් ඉල්ලා කැනඩා විදේශ කටයුතු ඇමතිවරිය සිදුකළ ඉල්ලීමක්, මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි සෞදි රජය පවසන්නේ.

Exit mobile version