තම වරප‍්‍රසාද මෙන්ම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද වැඩ වර්ජනවල නිරත පිරිස් සිතා බැලිය යුතුයි – ජනපති

තම වරප‍්‍රසාද පිළිබඳ සේම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද වැඩ වර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

වැඩවර්ජනවලින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව නොව රටේ අහිංසක පොදු මහජනතාව බව ජනාධිපතිතුමා කියා සිටියේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවති වැඩසටහනකට අද (09) පෙරවරුවේ එක්වෙමිනි.

පොදු මගී ප‍්‍රවාහන සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ද භාවිතා කරන්නේ පොහොසතුන් නොව රටේ අහිංසක දුප්පත් ජනතාව බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊයේ සිදුකළ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත නිවෙස් බලා යමින් සිටි දරුවන් ඇතුළු ජනතාවට විඳීමට සිදුවූ පීඩාකාරී තත්ත්වය ද ඉතා කනගාටුවෙන් සිහිපත් කළේය. ගැටලු විසඳා ගැනීමට ඕනෑම අයෙකුට, ඕනෑම අවස්ථාවක රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින බව පැවසූ ජනාධිපතිතුමා පසුගිය රජය මෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වත්මන් රජය කිසිදු අවස්ථාවක තුවක්කු භාවිතා නොකළ බව ද කියා සිටියේය. එබැවින් රටේ අහිංසක පොදු මහජනතාව පීඩාවට පත් නොකර බුද්ධිමත්ව සහ මානුෂීයව සිය ගැටලු විසඳාගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා දුම්රිය, වෛද්‍ය ඇතුළු වැඩවර්ජනවලට සූදානමින් සිටින වෘත්තීය කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේය.

Exit mobile version