මධ්‍යම කඳුකරයට තද වැසි – හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැට‌ෙයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අඛණ්ඩව තවදුරටත් ඇද හැල‌ෙන වර්ෂාවත් සමඟ හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම‌ෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බව හැටන් ප‌ොලිසිය පවසයි.

හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ග‌ෙ‌යේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහළින් වු කන්දක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිම‌ෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මංතීරුවකට සීමා කර තිබ‌ෙ‌න බවයි අප වාර්තාකරු සඳහන් කළ‌ේ.

Exit mobile version