අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග ද‌ෙකක මිල ඉහළට – අමාත්‍ය මංගල සමරවීර

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව OCTANE 95 වර්ගයේ ඉන්ධන රුපියල් 02කින් හා සූපර් ඩීසල් රුපියලකින් වැඩි වී තිබේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 155 ක්ව පැවති OCTANE 95 වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රි‌යේ සිට රුපියල් 157 දක්වා ඉහළ යන අතර 129 ක්ව පැවති  සූපර් ඩීසල් වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 130 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අනෙකුත් ඉන්ධන වර්ගවල කිසිඳු වෙනසක් සිදු නොවන බව අද මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේය.

Exit mobile version