විල්ගමුවේ වැව් 4ක් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 88ක මුදලක් වෙන් ක‌ෙ‌රේ

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ විශේෂ වැඩසටහන යටතේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 4ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් මිලියන 88ක මුදලක් වෙන් කොට තිබේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් වැව් ප්‍රතිසංස්කරණය සදහා ප්‍රතිපාදන වෙන්කොට තිබේ.

විල්ගමුව කොට්ඨාසයේ වත්තේගෙදර වැව ප්‍රතිසංස්කරණය සදහා රු.මි. 46ක්ද, තුන්හිරිය වැව වැඩි දියුණු කිරීම සදහා මිලියන 15ක්ද, දොඩන්ගොල්ල වැව ප්‍රතිසංස්කරණය සදහා රු5ක්ද, රදාගල්පොත ව්‍යාපාරය යටතේ ඇහැරන්ද වැව ප්‍රතිසංස්කරණය හා ඇල මාර්ග පද්ධතිය ඉදිකිරීම සදහා මිලියන 22ක්ද වශයෙන් රුපියල් මිලියන 88ක මුදලක් විල්ගමුව කොට්ටාසයට පමණක් වෙන් කොට තිබේ.

Exit mobile version