ලක්ෂ හතලිහකට අධික වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලයි – එක් සැකකරුවකු අත්අඩංගුවට

තණමල්විල හම්බෙගමුව පොලිසිය විසින් හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ අලුත්වැව ප්‍රදේශයේ ඊයේ (14) සවස සිදු කළ වැටලීමකදී නීති විරෝධීව වගා කර තිබූ ගංජා හේනක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගංජා හේන කැලෑ බද ප්‍රදේශයක ඉතා සූක්ෂම ලෙස වගා කර තිබී ඇති අතර ගංජා හෙනේ උස අඩි පහකට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා පැල හාරදහසකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

පොලිසිය පැවසුවේ, එම ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතලිහ ඉක්මවන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස් අටක පුද්ගලයකු බව හම්බෙගමුව පොලිසිය පවසයි.

සැකකරු අද (15) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හම්බෙගමුව පොලිසිය විමර්ශන සිදු කරයි.

Exit mobile version