ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙර මහතා අද දිවයිනට

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙර මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (20) දිවයිනට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ජපාන ආරක්ෂක ඇමැතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ අනුව ඒ මහතා අද සිට 22 දා තෙක් මෙරට රැඳී සිටියි.

මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමැතිවරයා මෙරට රැඳී සිටින අතරතුර ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හමුවීමට නියමිතව තිබෙන අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටට වැදගත්වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Exit mobile version