පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් විසිනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, ඔවුන් අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලැබේ.
Exit mobile version