කොට්ඨාස ක්‍රමයෙන් මේ රටේ දුප්පත් ජනතාවට දේශපාලනයට ඇතුළත්වීමට හැකියාව ලැබුණා

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

පලාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මඟින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මනාප ක්‍රමය නැති කිරීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හැකි වුණා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුණේ නෑ. කොට්ඨාස ක්‍රමය ඇති කිරීම සඳහා මේ ගත් ප්‍රගතිශීලී ක්‍රියාදාමය නැති කිරීමට උත්සහ නොගත යුතුයි. ජාතිවදී දෘෂ්ටි කෝණයෙන් නොබලා රටේ දෘෂ්ටි කෝණයෙන් මේ දෙස බැලිය යුතුයි. රටට සේවය කිරීමට මෙම ක්‍රමය ක්‍රියාත්මක විය යුතුයි. කොට්ඨාස ක්‍රමයෙන් මේ රටේ දුප්පත් ජනතාවට දේශපාලනයට ඇතුළත්වීමට හැකියාව ලැබුණා. මෙය නැති නොකර ප්‍රගතිශීලී ගමනක් යන්න කටයුතු කරමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Exit mobile version