මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරීම අගෝස්තු 26 වැනි දා

වත්මන් රජයේ මැදිහත්වීම මත සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරීම අගෝස්තු 26 වැනි දින පෙ.ව. 9.30 ට අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාලිගාවෙ දියවඩන නිළමේවරයා විසින් අග්‍රාමාත්‍යතුමන්ගෙන් කළ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමන් විසින් රන් වියන අලුත්වැඩියා කිරීම සදහා ප්‍රතිපාදන ලබා දෙන ලදී.

වර්ග අඩි 3450 කින් යුත් මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කිරීම සදහා ජනාධිපති කාර්යාලය මගින් වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි.

Exit mobile version