ඥානසාර හිමිගේ අභියාචනය සලකා බැලීම 31 වන දා

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන්නැයි කර ඇති ඉල්ලීම ලබන සිකුරාදා (31) සලකා බලන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය.

මෙම ඉල්ලීම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.

Exit mobile version