ලක්‍ෂ 30 ක් වටිනා කේරළ ගංජා ත‌ොගයක් ස‌ොයා ගැන‌ේ

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් තුනකට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී ඊයේ (07) ඉරණතිව් දුපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 284.05 ක් සොයා ගෙන ඇත.

එම කේරළ ගංජා තොගය ඇසුරුම් 95 ක බහා තිබී ඇති අතර, විකිණීම සඳහා මෙලෙස මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට සැක පළ කෙරේ.

තවද, මෙම කේරළ ගංජා තොගය මෑත කාලීනව නාවික හමුදාව සොයාගත් වැඩිම ගංජා තොගය වන බවයි වාර්තා වන්න‌ේ.

එහි වටිනාකම ලක්‍ෂ 30 ක් පමණ බව ඇස්තමෙන්තු කර ඇත.

එම ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලන්කාවිල්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Exit mobile version