නේපාලයට අවේණික තක්කාලි ප්‍රභේදයක් ම‌ෙරට වගා ක‌ෙ‌රේ

නේපාලයට අවේණික තක්කාලි ප්‍රභේදයක් වන SAN MERZANO නැමති තක්කාලි විශේෂය ශ්‍රී ලංකාව තුළ වගා කිරීම සදහා වූ අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව බණ්ඩාරවෙල ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරින් විසින් මෙම තක්කාලි විශේෂය වගා කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.‍

අන‌ෙකුත් තක්කාලි වලට වඩා ඉහල අස්වැන්නක් ම‌ෙමඟින් ලබා ගත හැක.

එක් තක්කාලි ග‌ෙ‌ඩියක බර ග්‍රෑම් 100ත් 110ත් අතර ප්‍රමාණයකි.

වැලක් වශය‌ෙන් ම‌ෙම තක්කාලි ශාකය වැව‌ෙන අතර එහි උස මීටර 1.8ක් පමණ වන බව කෘෂිකර්ම ද‌ෙපාර්ත‌මේන්තු‌වේ නිලධාරීන් පවසයි.

 

Exit mobile version