අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපය අාශ්‍රිතව ජිවත්වෙන ජනතාවට අනතුරු අැඟවිම්

අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපය අාශ්‍රිතව ජිවත්වෙන මිලියන 2කට අාසන්න ජනතාව අාරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලෙසට ඒරට රජය දැනුමි දි තිබේ.

ඒ දශක ගණනාවකට පසුව නැගෙනහිර වෙරළ කලාපයට බලපෑමට නියමිතව තිබෙන ෆ්ලෝරන්ස් සුළිකුණාටුව හේතුවෙනි.

කාලගුණ බලධාරින් සඳහන් කරන්නේ  ෆ්ලෝරන්ස් සුළිකුණාටුව මේ වන විට පැයට කිලෝමිටර් 15ක වේගයෙන් හමා ඒන බවයි.

ඒසේම මෙම සුළිකුණාටුව මිට වඩා බලවත්ව කැරොලිනා වෙරළ කලාපයෙන් අමෙරිකාවට අැතුල් වන බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කළේ.

දකුණු සහ උතුරු කැරොලිනා, වර්ජිනියා යන ප්‍රාන්ත වලට කුණාටුවෙන් වැඩි බලපෑමි ඒල්ල වනු  අැති බවට අනතුරු අගවා තිබේ.

මේ හේතුවෙන් උතුරු කැරොලිනාවේ සහ වර්ජිනියා ප්‍රාන්ත සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාෂයට පත් කිරිමට අමෙරිකාව පියවර ගෙන අැති බව සඳහන්වේ.

ජිවිත 49ක් බිලිගනිමින් 1989 උතුරු කැරොලිනාවට බලපෑ හියුගෝ සුළිකුණාටුට පසුව ඒම ප්‍රාන්තය මුහුණ දිමට යන ප්‍රබලතම සුළිකුණාටුව ෆ්ලෝරන්ස් බවයි කාලගුණ බලධාරින් පවසයි.

Exit mobile version