Home දේශීය පුවත් ටිපර් රථ දෙකක් අනතුරට පත් විමෙන් එක් රියදුර‌ෙකුට බරපතල තුවාල

ටිපර් රථ දෙකක් අනතුරට පත් විමෙන් එක් රියදුර‌ෙකුට බරපතල තුවාල

0

හැටන් සිට මස්කෙලිය දක්වා අධික වේගයෙන් එකම දිශාවට ධාවනය වු ටිපර් රථ දෙකක් අනතුරට පත් විමෙන් එක් ටිපර් රථයක ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

අද (21) උදැසන 9 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් අයර්බි වත්ත ප්‍රදේශයේදිය.

හැටන් ප්‍රදේශයේ ගල් කොරියක සිට මස්කෙලිය ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුත්තක් සදහා කොන්ක්‍රිට් කළුගල් ප්‍රවහනය කරමින් තිබු ටිපර් රථ දෙකකුයි මෙසේ අනතුරට පත් වි ඇත්තේ.

ටිපර් රථ දෙකම එකම දිශාවට ධාවනය කර ඇති අතර, පිටුපසින් ධාවනය වු ටිපර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් ධාවනය වු ටිපර් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂන පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටින්නේ.

අනතුරෙන් එක් ටිපර් රථයකට දැඩි අලාභ හානි සිදු වි ඇති බව අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version