පොළොන්නරුවේ ප්‍රද‌ේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (21දා) පොළොන්නරුව බැඳි වැව හා සේවාගම ජල සම්පාදන ඒකකය මගින් ජලය බෙදාහැරීම සිදු කරන ප්‍රදේශවල ජලය බෙදාහැරීම පැය 13 කට අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ඒ පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

මේ අනුව අද උදේ 9.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

Exit mobile version