ඉඩම් සුදුසු නොමැති බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් අද විරෝධතාවක

රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කරන නව නිවාස ව්‍යාපෘතියට සමගාමිව තම වතු යායේ ඉදි කිරිමට සැලසුම් කර ඇති නිවාස 50 ක් ඉදි කිරිමට වතු පාලන අධිකාරි මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොමැති බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් අද (21) හැටන් ස්ටැඩන් ප්‍රදේශයේදි තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටවැඩ වර්ජනය කරමින්
විරෝධතාවයක නිරත විය.

කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කෙරෙමින් පවතින නව නිවාස ව්‍යාපෘතියට සමගාමිව තම වතුයායේ ස්ටැඩන් වත්ත කොටසේ නිවාස 50 ක් ඉදිකිරිමට අමාත්‍යය පලනි දිගම්බරම් මහතා විසින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම නිවාස ඉදි කිරිම සදහා වතු පාලන අධිකාරිය
මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොවන බව පවසමිනුයි වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නිරත වුණේ.

විරෝධතාවයේ නියැලි සිටි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටින්වේ වතු පාලන අධිකාරිය මගින් ලබා දුන් ඉඩම ඉතා දුෂ්කර ස්ථානයක පිහිටි බවයි, එම ස්ථානයේ නිවාස ඉදිකල හොත් තම රැකියාව කරගෙන යාමට බාධාවක් පැමිණෙන බවත්, තම දු දරුවන් පාසලට යාමට පවා විශාල දුරක් පයින් ගමන් කිරිමට සිදු වන බවයි විරෝධතාවයේ
නියැලි වතු කම්කරුවන් කියා සිටින්නේ.

පැය දෙකකය ආසන්න කාලයක් පැවති විරෝධතාවයෙන් පසු දික්ඔය වැවිලි මානව සංවර්ධන කාර්යාලයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ වතු කම්කරුවන් සමග සාකච්ඡා කරමින් කියා සිටියේ එම නිවාස ව්‍යාපෘතිය ඉදි කිරිම සදහා දැනට වතු පාලන අධිකාරි මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොවන බවට ලිඛිතව තම කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් එම පැමිණිල්ල අනුව වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කර එම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරිම සදහා එම වතු යායේම වෙනත් සුදුසු ස්ථානයක ඉඩමක් වෙන් කිරිමට කටයුතු සිදු කරන බවයි.

එම පොරොන්දුව මත වතු කම්කරුවන් සිය විරෝධය අත්හැර දෛනික රාජකාරි සදහා වාර්තා කරනු ලැබීය.

Exit mobile version