හැඟීම්බර නොවී තීරණ ගත යුතුයි – හැඟීම්බරව ගන්නා තීරණ හැම අවස්ථාවකදීම නිවැරදි නොව‌ෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වඩා හොඳම දේ කුමක්දැයි යන්න සිතිය යුතු බවත්, හැඟීම්බර නොවී තීරණ ගත යුතු බවත් ශ්‍රී
ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

කුණු තැවරුණ ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලීනව සිදුවූ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු ‌මේ බව සඳහන් කරයි.

හෑඟීම්බරව ගන්නා තීරණ හැම අවස්ථාවකදීම නිවැරදි නොවන බවද හෙතෙම අවධාරණය කර තිබේ.

තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ‌මේ බව සඳහන් කළ‌ේය.
Exit mobile version