වව්නියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසකට කිඹුලෙක්

වව්නියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි හැල කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට භාරදී ති‌බේ.

ප්‍රදේශයේ පවතින නියඟය හමුවේ වැව් සිඳී යාම හේතුවෙන් මෙම කිඹුලා ආහාර සොයා මෙලෙස පැමිණෙන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.

එම සත්වයා රක්ෂිතයකට මුදාහැර තිබෙන බවටයි සඳහන් වන්න‌ේ.

Exit mobile version