සුනඛ දඩයමේ පැමිණි හඳුන් දිවියෙකු සුනඛ ප්‍රහාරයෙන් මරුට

සුනඛයන් දඩයම් කිරිම සඳහා පැමිණි හඳුන් දිවියෙකු සුනඛයන් කිහිප දෙනෙකු විසින් සපා කැම හේතුවෙන් මරණයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ අද (02) උදැසන 9 ට පමණ ගසක් මත රැදි සිට ඇති හඳුන්
දිවියා වතු කම්කරුවන් සමඟ තේ වතු යායට ගිය සුනඛයෙකුට පහරදි ගොදුරක් වශයෙන් අල්ලා ගත් අවස්තාවේ ඒ අසලම සිටි තවත් සුනඛයින් කිහිපදෙනෙකු එක් වි හදුන් දිවියාව සපා කැ බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

සුනඛයන්ගේ සපා කැමෙන් බරපතල ලෙස තුවාල ලැබු හදුන් දිවියා එම ස්ථානයේම මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළ‌ේ.

Exit mobile version