2008 මහනුවර පොල්ගොල්ල බෝම්බ ප්‍රහාරකයන්ට වසර 5ක සිර දඬුවම්

2008 වසරේ මහනුවර, පොල්ගොල්ල ප්‍රදේශයේ මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තුන් දෙනෙකුට මරු කැඳවු සිද්ධිය සම්බන්ධයෙන්වු නඩුව අද (02) කැඳවනු ලැබිය.

එකී සිද්ධියට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සමිබන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ද්‍රවිඩ ජාතිකයින් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 10ක සිර දඬුවම් නියම කළ අතර එය වසර පහකින් ගෙවිය යුතු බවට නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

Exit mobile version