පාසල් දරුව‌ෙකු මාර්ගය‌ේ ගමන් ගත් කාර් රථයක ගැටී මරුට

රිදිමාලියද්ද කුරුවිතැන්න ප්‍රද‌ේශය‌ේ පාර හරහා මාරුවීමට ගිය 9 හැවිරිදි පාසල් දරුව‌ෙකු මාර්ගය‌ේ ගමන් ගත් කාර් රථයක ගැටී තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහියංගන මුලික ර‌ෝහලට ඇතුල් කිරිම‌ෙන් පසුු ඊය‌ේ (01) සවස මියගිය බව රිදිමාලියද්ද ප‌ොලිසිය පවසයි.

බ/ කුරුවිතැන්න ප්‍රාථමික විද්‍යාලය‌ේ පැවති ල‌ෝක ළමා දින වැඩසටහනක් සඳහා සහභාගී ව‌ෙමින් සිටියදී දරුවාග‌ේ මව විසින් දරුවා සවස පංති සඳහා සහභාගී කරවීමට නිව‌ෙස් බලා රැග‌ෙන යන අවස්ථාවේදී ම‌ෙම අනතුරට ලක්ව ඇත.

ම‌ෙල‌ෙස මියග‌ොස් ඇත්ත‌ේ එම්.එම්. මලීශ කවිශාන් මනතුන්ග නැමැති ශිෂ්‍යත්ව විභාගයට ප‌ෙනී සිට ප්‍රතිඵල අප‌ේක්ෂාව‌ෙන් සිටි දරුව‌ෙකි.

රිදිමාලියද්ද ප‌ොලිසිය විසින් රියදුරු අත්අඩංගුවට ග‌ෙන මහියංගන මහ‌ේස්ත්‍රාත් අධිකරණය ව‌ෙත ඉදිරිපත් කිරිම‌ෙන් පසු ‌මේ මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Exit mobile version