තවදුරටත් වැසි තත්වය‌ේ වැඩිවීමක්

දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

වයඹ, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ සබරගමුව පළාත්වලත් මන්නාරම, වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ඇති විය හැක.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවල සහ සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (6) නිකුත් කළ නිවේදනය‌ේ දැක්වෙයි.

Exit mobile version