තෙබුවන දී නොසන්සුන්කාරීව හැසිරුණු පොලිස් සැරයන්වරයාට ඇප

කළුතර, තෙබුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාට අද (09) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.

සිය බාරයට ගත් වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් තෙබුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් තෙබුවන පොලීසියට අනුයුක්තව සේවය කළ අදාළ පොලිස් සැරයන්වරයා පසුගිය දා (03) පස්වරුවේ තෙබුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණේය.

තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබාගන්නා බවට ප්‍රකාශ කරමින් එලෙස නොසන්සුකාරී ලෙස ඔහු හැසිරු‌ණේය.

Exit mobile version