පළාත් මට්ටමින් විශ්‍රාමික දින සැමරුම පැවැත්වීම විශ්‍රාමිකයන් ලැබූ ජයග්‍රහණයක් – ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා

2017 වර්ෂයේ සබරගමු පළාත් විශ්‍රාම දින සැමරුම් උත්සවයට සහභාගී වු සබරගමු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා පැවසුවෙ කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙතෙක් කල් පවත්වනු ලැබූ ජාතික විශ්‍රාම වැටුප් දින සැමරුම මෙවර ‘විශ්‍රාමයට සවියක්“ තේමාව පෙරදැරිව දිවයින පුරා සෑම විශ්‍රාමිකයෙකුම නියෝජනය වන අයුරින් පළාත් මට්ටමින් සැමරීමට කටයුතු කිරීම විශ්‍රාමික ඔබ ලැබූ ජයග්‍රහණයක් බවයි.

කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක නියෝජනය කරන විශ්‍රාමික මහත්ම මහත්මීන් 400 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහිදි විශ්‍රමිකයන් සඳහා ජංගම වෛද්‍ය සායනයක් හා වරකාපොල වැඩිහිටි සංගමය මගින් ඉදිරිපත් කෙරුණු නර්තන අංග කිහිපයකින් උත්සවය වර්ණවත් කෙරිණි.

Exit mobile version