දියේ ගිලී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරුට

ඊයේ(11) සවස බෙන්තොට පොලිස් වසමේ, බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශිකයෙකු රළ පහරට හසුව ගසා ගෙන ගොස් දියේ ගිලී මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයෙකු ඔහු සමඟ දියේ ගිලී ඇති අතර, එම පුද්ගලයා මේ වන විට කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 49 ක් වු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ තැන්පත් කර තිබෙන අතර බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version